Thursday, November 2, 2017

Start Own Business Just Rs 750 කින් තමන්ගේම ව්‍යාපාරයක්.. 13 කොටස.( Products- Moringa Capsules )




Moringa Oleifera - මුරුංගා 

(වැදගත් -  පෙනිසිලින් හා මුරුංගා සඳහා ආසාත්මිකතාව ඇති අයට ආසාත්මික විය හැක)


   මෙන්න ලොව සැබෑ ම සුපිරි ආහාරය – මුරුංගා
‘මුරුංගා කොළයේ ගුණ’
මුරුංගා (Moringa Oleifera) කියන්නේ අපි කවුරුත් දන්නා ගස් වර්ගයක්. ලංකාවේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල මුරුංගා ගහක් හෝ ගස් කීපයක් නැති ගෙවත්තක් නැති තරම්. අපිට මතකයි අපි පොඩි කාලෙ ඉඳල අපේ අම්මලා මුරුංගා කරල් වෑංජන හෝ කොළ මැල්ලූම් හෝ හොදි වරින් වර අපේ ආහාර වේලට එක් කළා. ඒ වගේ ම මඤ්ඤොක්කා තම්බනකොට මුරුංගා කොළ ටිකකුත් මුට්ටියට දානවා, යම් විසක් ඇත්නම් එය නැති කරන්න කියල. මුරුංගා කියන්නේ බෙහෙත් ඖෂධයක් කියලත් අපි දැනගෙන හිටියා. ඒ නිසා බඩේ අමාරුවට බොන තැම්බුං හොද්දට මුරුංගා පොතු කෑල්ලකුත් දානවා.

ලංකාවේ අපි මේ විදිහට අවුරුදු දහස් ගණනක් තිස්සේ මුරුංගා ගැන දැනගෙන හිටියා. ඉන්දියාවෙත් එහෙමයි. ඒත්, මුරුංගා කියන්නේ මේ පෘථිවි තලයේ වැවෙන ආහාරයට ගන්නා ඕනෑම ගසකට වඩා වැඩි පෝෂ්‍ය පදාර්ථයන් රාශියක් ලබා දෙන, ලෙඩ රෝග බොහෝ ගණනක් සුව කළ හැකි, බොහෝ සෞඛ්‍ය වාසි ලබා දෙන බහුකාර්ය සුපිරි ආහාරයක් (Multipurpose superfood with endless health benefits) බව අප දැන සිටියා ද? සමහරවිට නෑ. අනුමානයක් නෑ අපේ මුතුන්මිත්තෝ නම් අවුරුදු දහස් ගණනකට පෙර මේ ගැන දැනගෙන ඉන්න ඇති.
ඉන්දියානු ආයුර්වේද වෙදකමට අනුව මුරුංගාවලින් ලෙඩ 300කට වැඩි ගණනක් සුව කළ හැකි බව කියවෙනවා. ඒ විතරක් නො වෙයි. මුරුංගා මන්දපෝෂණය නැති කිරීමට උපකාර වෙනවා. මුරුංගා කොළවල ප්‍රෝටීන් බහුල ව ඇති බවයි පැවසෙන්නෙ. ඒ වගේ ම මස් මාළු ආදියෙන් ලැබෙන ශරීරයට අත්‍යවශ්‍ය යයි කියන ඇමයිනෝ අම්ල වර්ග සියල්ල ම වාගේ මුරුංගාවල තිබෙන බවයි කියවෙන්නේ. මුරුංගා යනු මස් මාළු ආදියට විකල්පයක් ලෙස ගත හැකි ආහාරයක් බවත් කියැවෙනවා. මේ තත්ත්වය වෙනත් කිසිම ශාක එළවළුවක නැති බව ද සොයා ගෙන තිබෙනවා. නොමිලයේ ම වාගේ අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ බොහොමයක් ලබා දෙන විස්මිත ආහාරයක් තමයි මුරුංගා. දැන් දැන් බටහිර රටවල් මුරුංගා යනු ලෝකයේ ආශ්චර්යවත් ම ගස (Miracle Tree) ලෙස හඳුන්වන්නේ මේ කරුණු නිස යි.
මුරුංගා කොළ නොයෙක් ආකාරයෙන් ප‍්‍රයෝජනයට ගන්න පුළුවන්. අමුකොළ යුෂ පානය කරන්න පුළුවන්. කොළ මැල්ලූම්, ව්‍යංජන හෝ හොදි ලෙස සකසා ගන්න පුළුවන්. ඕනෑම ව්‍යංජනයකට අමු කොළ දමන්න පුළුවන්. ඒ වගේ ම කොළ වේලා කුඩුකර වතුරේ දිය කර පානයක් ලෙස හෝ තේ ලෙස හෝ කෑම වර්ගවලට එක්කර ගන්න හෝ පුළුවන්. මුරුංගා මල් සහ කරල් ද ව්‍යංජන ලෙස පිළියෙල කර ගන්නා බව අපි දැනටමත් දන්නවා. ඒ වගේ ම වියළි මුරුංගා කරල්වල ඇට තෙලෙන් බැද කෑමට ගන්න පුළුවන්. මුරුංගා ඇටයෙන් ලබාගන්නා තෙල් කෑම පිසීමට ගත හැකිවා පමණක් නෙවෙයි, එය රූපලාවණ්‍ය කටයුතු සහ සමේ ආලේපයක් ලෙස ද පාවිච්චි කරන්න පුළුවන්. එපමණක් නො වෙයි. මුරුංගා ඇටයේ පොත්ත කුඩුකර දැමීමෙන් ජලය පිරිසිදු කර ගත හැකි යි. ඒ විස්මිත හැකියාව මුරුංගා ඇටය සතු යි. මුරුංගා මුල් හෝ පොතු නම් ආහාරයට ගැනීමෙන් වළකින ලෙයසි උපදෙස් ලැබෙන්නෙ.
මුරුංගා ගස නියඟයට ඔරොත්තු දෙනවා. රටවල් කාන්තාරකරණය වීමෙන් වළකාලනවා. මුරුංගා ගසට රසායනික පොහොර අවශ්‍ය නැහැ. කෘමිනාශක අවශ්‍ය නැහැ. අමතර සාත්තු අවශ්‍ය නැහැ. ඕනෑම නිසරු පොළවක වැවෙන මේ ගසේ මුල්, පොතු, කොළ, කරල්, ඇට ආදි සෑම කොටසක් ම විවිධ ප‍්‍රයෝජන සඳහා යොදා ගැනෙනවා. මේ ආහාරය මන්දපෝෂණය දුරු කරනවා. ගස දිරා පොළවට වැටුණු පසු එම පස ද සාරවත් කරනවා. බහුල වශයෙන් වගා කිරීමෙන් රැකියා නියුක්තිය වැඩිකර ගන්නත්, ආදායම් වැඩිකර ගන්නත් පුළුවන්. ඒ වගේ ම රටට විදේශ විනිමය උපයා ගන්නත් පුළුවන්.
මුරුංගා ගසේ උපත උතුරු ඉන්දියාවෙ කියලයි කියන්නෙ. දැන් නම් ඉන්දියාවේ පමණක් නෙවෙයි ලෝකයේ බොහෝ රටවල, විශේෂයෙන් ඝර්ම කලාපීය රටවල මුරුංගා වැවෙනවා, වගා කරනවා. එනම්, ආසියාවේ, අප‍්‍රිකාවේ සහ දකුණු ඇමරිකාවේ බොහෝ රටවල මෙය වගා කරනු ලබනවා. පුදුමයකට මෙන් මුරුංගා වැවෙන්නේ මන්දපෝෂණයෙන් දැඩි ලෙස පීඩාවිඳින ඝර්ම කලාපීය රටවලමයි. තමන්ගේ ගෙවත්තේ තිබෙන මේ පෝෂණීය රන් ආකරය ගැන දැන සිටින්නේ නම් මෙය තව දුරටත් තුන්වන ලෝකයේ දැවෙන ප‍්‍රශ්නයක් නො වෙනු ඇති.
මුරුංගා ගස ස්වභාව ධර්මයේ විස්මිත නිර්මාණයක්. ශ‍්‍රී ලාංකික අපි ද එහි උරුමකරුවෝ වෙනවා. එය අපේ මිල කළ නො හැකි දේශීය සම්පතක්. මේ මුරුංගාවල ගුණ කිහිපයක්..


01. ශක්තිජනක ආහාරයක් ලෙස ක්‍රියාකරයි. ක්‍රීඩා කටයුතු කරන මෙන්ම අධ්‍යන කටයුතු කරන අයට තමන්ගේ ශක්තිය හා අවධානය වැඩිකරගැනීමට උපකාරීවෙයි. 
02. බර අඩුකීරීමටද උපකාරීවෙයි.
03. මෙමගින් දියවැඩියාව පාලනය කිරීමේ සුවිශේෂ හැකියාවක් ඇත. අඩු වියදමකින් අතුරු ආබාධ වලින් තොරව දියවැඩියාව පාලනය සඳහා යොදාගත හැක.
04. ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා පිළිකා සෛල වර්ධනය අඩු කිරීමේ හැකියව ඇත.
05. කොලෙස්ටරෝල් , LDL කොලෙස්ටරෝල් අඩු කිරීමේ හැකියාව සහ ලේ කැටි ඇතිවීම අඩු කරයි.
06. නින්ද යාම පහසු කරන අතරම රුධිර පීඩනය පාලනය කිරීමට උපකාරීවෙයි.
07. ශරීරයේ ඇති විෂ ඉවත් කිරීමේ හැකියාවක් ඇත. 
08. විශේෂයෙන්ම ආසනික් විෂ වීමෙන් ඇතිවන උපද්‍රව පාලනය කිරීමේ හැකියාවක් ඇත.
09. මානසික ආතතිය සහ ඈලි මෑලි ගතිය අඩු කිරීමට උපකාරීවෙයි.
10. අතුරු ආබාධ රහිත සවාභාවික ද්‍රව්‍යක් නිසා ඔනෑම වයස් මට්ටමක පුද්ගලයින්ට සුදුසු වේ.
11. ගර්භනී හා කිරිදෙන මව්වරුන්ගේ පෝෂණ ඌණතා සඳහා ඉතා සුදුසුය. 
12. මව් කිරි වල ප්‍රමාණය හා ගුණාත්මක භාවය වැඩි කරයි.
13. පුළුල් පරාසයක බැක්ටීරියා, වෛරස සහ දිලීර වලට එරෙහිව ක්‍රියා කරයි.
14. ශරීර ප්‍රතිශක්තිය වැඩිකරයි, එමනිසා ඒඩ්ස් වැනි ප්‍රතිශක්ති ඌනතා රෝග වලට යෝග්‍ය වේ.
15. සම නීරෝගීව පවත්වා ගැනීමටද මෙය බෙහෙවින් උපකාරීවෙයි.
16. සම දීප්තිමත් සහ පැහැපත් වීමට උපකාරීවෙයි.
17. තුවාල සුව කිරීමේ විශේෂ හැකියාවක් ඇත.(තැලුම්, කැපීම්, පිළිස්සීම්)
18. මෙහි ඇති පෝෂ්‍ය පදාර්ථ හේතුවෙන් හිසකෙස් මනාව පවත්වා ගැනීමටද උපකාරීවෙයි. හිසකෙස් වැටීම වලක්වන අතර ශක්තිමක් හා නීරෝගී හිසකෙස් ලබා ගැනීමට උපකාරීවෙයි.
19. හිසකෙස් වර්ධනය වැඩිකරන අතර හිස් හොරි නැතිකරයි.
20. හිසකෙස් අළුතින් සෑදීම උත්තේජනය කරයි.
21. හිසකෙස් වර්ධනය සඳහා අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා දෙමින් ශක්තිමත් හිසකෙස් ලබා ගැනීමට උපකාරීවෙයි.
22. පිළිකා සෛල පාලනය කිරීමේ හැකියාවක් ඇත.
23. ආතරයිටීස් මගින් ඇතිවන වේදනාව සහ ප්‍රධාහය අඩු කරයි.
24. අක්මාව හා වකුගඩුවල මනා ක්‍රියා කාරීත්වයට උපකාරීවෙයි.
25. විටමින් ඒ සහ බීටා කැරෝටීන් වලින් පොහොසත් නිසා දැස් පෙනීමේ දුර්වලතා වලට යෝග්‍ය වේ.
26. මස්පිඩු පෙරලීම වැලැක්වීමේ හැකියවක් ඇත. ශරීර උෂ්ණත්වය පහත හෙලයි.
27. වකුගඩු වල ගල් ඇතිවීම වලක්වයි. දැනට ගල් ඇත්නම් ඒවා ඉවත් කිරීම සිදුකරයි.

මේ සවාභාවික ගුණ සියල්ල කැටිකරගත් බීමට පහසු කැප්සූලයක් ලෙසින් දැන් ලබාගන්න පුළුවන්. මීට අමතරව තවත් සෞඛ්‍ය ප්‍රතිලාභ රාශියක් මෙම නිෂ්පාදනය නිරන්තරයෙන් ලබා ගැනීමෙන් අත්කරගත හැක.

මෙම ආහාරමය අතිරේක සහ අනෙකුත් නිෂ්දපාන භාවිතයෙන් 100% අතුරු ආබාධ වලින් තොරව රෝග පාලනය කරගැනීමේ හැකියාව ඇති අතර මෙම නිෂ්පාදන අලෙවි කිරීම මගින් නිවසේ සිටම අසීමිත අමතර ආදායමක් උපයාගැනීමටද හැක.

 වැඩි විස්තර සහ ගෙදරටම ගෙන්වා ගැනීමට මේ දුරකථන අංකයෙන් 0771743810 අමතන්න




No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...